තාජුඩීන් ඝාතනයට ශිරන්තිගේ ආරක්ෂකයින් ගැන සැකයක්.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට එවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ ආරක්ෂක නාවික හමුදා නිලධාරීන් සැක බවට තොරතුරු ලැබී තිබේ.
වසීම් තාජුඩීන් ඝාතනය සිදුවූ දින, ඊට පෙර සහ පසු දින, යන දින තුනට අදාළව ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ ආරක්ෂකයන් ලෙස කටයුතු කළ මෙම නාවික නිලධාරීන්ගේ දෛනික තොරතුරු සටහන් පොතේ පිටු අතුරුදහන් වී ඇත.
ආරක්ෂකයන් සේ ක්‍රියා කළ නාවික හමුදා නිලධාරීන් 20 දෙනෙක් පමණ, මෙලෙස සැකට භාජනය වී ඇත.
මෙම ඝාතනය සිදුවන කාලයේ ආරක්ෂක අමාත්‍යාංශයේ රියදුරෙක් ලෙස කජ්ජා නැමැත්තා කටයුතු කර ඇතැයි මේවනවිට කරුණු අනාවරණය වී ඇති අතර එම කාලයේදී ඔහු සමඟ සමීපව කටයුතු කළ පුද්ගලයන් කවුරුන්ද යන්න සොයා මේවනවිට ඔහුගේ දූරකථන දත්ත විමර්ශනය කරමින් ඇතැයි පැවසේ.
(සුරංගි සිරිමෙවන්)
